Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් තවත් ජාතික කණ්ඩායම් ශූරතාවයක් දිනාගනී

3 වන වරටත් පැවැති ජාතික කිලෝමීටර් 10 විවෘත ජල පිහිනුම් ශූරතාවලිය - 2020, ඉරිදා (26) දින උදෑසන ගාලුමුවදොර මුහුදු තීරයේදී පැවැත්විණි.

මෙම ශුරතාවලිය වෙනුවෙන් යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 20 ක් සහ ක්‍රීඩිකාවන් 5 දෙනෙකු සහභාගී වූහ.

මෙම වසරේ පවත්වන ලද එම ශූරතාවලියේදී,  යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් 7 දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙකුට ඔවුන්ගේ දක්‍ෂතාවයන් අනුව පළමු 10 දෙනා අතරට පිවිසීමට හැකි විය. තවද, මෙවර තරගාවලියේදී යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක සමස්ත කණ්ඩායම් ශූරයන් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

පිරිමි අංශයේ, පදක්කම් ලබාගත් පිහිනුම් ක්‍රීඩකයින් පහත පරිදි වේ

රිදී පදක්කම - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව් විමල කුමාර

ලෝකඩ පදක්කම - 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.එම්.බි.එල්. අබේරත්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ වත්මන් සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර කටයුතු කරයි. spy offers | 『アディダス』に分類された記事一覧