12th January 2020 08:04:23 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංග්‍රිසි දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ සංකල්පයකට අනුව පැවැති ඉංග්‍රිසි පාඨමාලාවේ සමාප්ති උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින පැවැත්විණි.
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉංග්‍රිසි උපදේශක ලුතිනන් ඒ.එල්.එස්.ඩි. ලියනාරච්චි විසින් මෙහෙයවනු ලැබූ මෙම ඉංග්‍රිසි පාඨමාලාව 2019 නොවැම්බර් මස 25 වන දින ආරම්භ වූ අතර මේ සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාවට සහභාගිවූවන් ප්‍රායෝගික අංග කිහිපයක් ඉදිරිපත් කරමින් ඔවුන්ගේ කථන කුසලතා සහ දක්ෂතා ප්‍රදර්ශනය කළහ.
සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ.ආර්.කේ.කේ.ටි. බණ්ඩාර සහභාගි විය. jordan release date | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf