Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2020 15:51:58 Hours

රණවිරු ඇපරල් ආයතනයේ කළමනාකාර මණ්ඩලය යක්කල මෙහෙයුම් අංශ නිරීක්‍ෂණයට ලක් කරයි

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ප්‍රමුඛ රණවිරු ඇපරල් ආයතනයේ කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයින් පසුගියදා යක්කල රණවිරු ඇපරල් කර්මාන්තශාලාව සහ එම පරිශ්‍රය නිරීක්‍ෂණය කරන ලදී.

යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාව වෙත සපැමිණි කළමනාකාර මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චන්දන කුමාර, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර, කර්නල් යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් කර්නල් මේනක ප්‍රනාන්දු යන සාමාජිකයින් කණ්ඩායම රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග, යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් කපිල රණවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයින් කර්මාන්තශාලාවේ රැඳි සිටි කාලය තුළ එහි විවිධ අංශ පරීක්‍ෂාවට ලක් කළ අතර අදාළ අංශවල නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් විසින් වෙන් වෙන් වශයෙන් කරන ලද සංක්‍ෂිප්තයන්ට සවන්දුන් කළමනාකරණ මණ්ඩලය ඔවුන්ගේ කාර්යභාර්ය සහ නිෂ්පාදන ක්‍රියාවලින් පිළිබඳ දැනුවත් විය.

කර්මාන්තශාලාවේ සංචාරයට ප්‍රථම, කළමනාකරණ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂවරුන් රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ නියෝජ්‍ය සේනාවිධායක විසින් දැනුවත් කරන ලදී. latest Running | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret