Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2020 20:21:42 Hours

66 වන සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් දෙකක සිසුන්ට නොමිලේ පාසල් උපකරණ බෙදාදෙයි

66 වන සේනාංකය යටතේ ඇති 661 වන බලසේනාවට අයත් 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, මහරගම ‘ලියෝ’ සමාජය සහ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය සමඟ එක්ව ඉකුත් සිකුරාදා (03) දින විනාසිඕඩෙයි රජයේ දමිළ මිශ්‍ර පාසලේ සහ ඥාණමඩම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසුන් 178 දෙනෙකුට (1 සිට 13 ශ්‍රේණිය දක්වා) පාසල් බෑග්, සපත්තු, වතුර බෝතල් ඇතුළු තවත් පාසල් උපකරණ කිහිපයක් එම පාසල් වල පැවති උත්සවයන්හී දී සිසුන් වෙත බෙදාදුන්හ.

මෙම වැඩසටහන 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මංගල විජේසුන්දර විසින් ලබා දුන් මාර්ගෝපදේශ මත 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ශාන්ත හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 661 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගී වූ අතර ඒ සඳහා අනුග්‍රහය දැක්වූ දානපති සංවිධාන දෙකෙහිම නියෝජිතයින්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 661 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරින්, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් සහ සිවිල් වැසියන් ද සහභාගී වුහ. Nike sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos