වැලිසර පිහිටි නවලෝක ක්‍රීඩාංගණයේ පසුගිය සෙනසුරාදා (21) දින පැවති ශ්‍රී ලංකා කායවර්ධන තරඟාවලිය - 2019 සඳහා තරඟ වැදුණු යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ කායවර්ධන ක්‍රීඩා සමාජ කිහිපයකම ක්‍රීඩකයින්ට අභියෝගයක් එල්ල කරමින් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකරගැනීමට සමත්විය.
පදක්කම්ලාභීන්ගේ නම් පහතින් දක්වේ;
රන් පදක්කම්
කෝප්රල් කේ.පී.එන්. ගුණසේකර - භෞතික අංශයේ රන්පදක්කම සහ හොඳම පස්පිඩු ප්‍රදර්ශකයාට හිමි රන් පදක්කම.
ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.පී.එන්. චාමික - රන් පදක්කම (කිලෝග්‍රෑම් 55 බර පන්තිය)
සැරයන් එච්.ඒ.එස්. හේවගේ - රන් පදක්කම (කිලෝග්‍රෑම් 66 බර පන්තිය)
රිදී පදක්කම
සාමාන්‍ය සෙබළ මගිනාආරච්චි - රිදී පදක්කම (කිලෝග්‍රෑම් 80 බර පන්තිය)
ලෝකඩ පදක්කම්
සාමාන්‍ය සෙබළ බී.ඒ.එම්. මෙන්ඩිස් - ලෝකඩ පදක්කම (කිලෝග්‍රෑම් 55 බර පන්තිය)
කෝප්රල් ජි.ජි.එන්. වික්‍රමසිංහ - රිදී පදක්කම (කිලෝග්‍රෑම් 65 බර පන්තිය)Sports brands | Sneakers