Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2019 10:34:50 Hours

ශ්‍රී ලංකා යුද හමුදාවේ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IED) ප්‍රවීණයන් විසින් පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) නිශ්ක්‍රීය කිරිම සඳහා මාලදිවයින් නිලධාරීන්ට පුහුණුව ලබාදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ උපදේශක කණ්ඩායමේ උපදේශකත්වයෙන් යුතුව මාලදිවයිනේ කැඩ්ඩෝ දිවයිනේ ලාමු ඇටෝල්හි පිහිටි මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) පැවති වැඩිදියුනු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රිය කිරිමේ පුහුණු පාඨමාලාව ඉකුත් බදාදා (18) දින ඉතා සාර්ථක ලෙස නිමාවට පත් විය.

මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයන් තිස් දෙදෙනෙකු ඇතුළුව 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම සති දහයක දීර්ඝ පුහුණුවකින් පසු වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ පුහුණු පාඨමාලාව ඉතා සාර්ථක ලෙස නිමා කරන ලදී.

මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IEDD) ක්‍රියාකරුවන්ගේ නිපුණතා සහ හැකියාවන් පුහුණු කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන අතර තවද ඔවුන්ට ස්වාධීනව පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IEDD) මෙහෙයුම් සිදු කිරීමට හැකියාව ලැබේ. වෙරළාරක්ෂක බළකායේ ලුතිනන් අබ්දුල්ලා ෂාහිඩ් (Lieutenant Abdulla Shahid) පාඨමාලාවේ විශිෂ්ටත්වය දැක්වූයේ කුසලතා අනුව සියයට 82 ට වඩා වැඩි ලකුණු ලබා ගත් පළමු අවස්ථාව ලෙසය.

සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ප්‍රදේශයේ මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) සේනාවිධායක කර්නල් මොහොමඩ් ඉබ්‍රාහිම් (Colonel Mohamed Ibrahim) සහභාගී වූ අතර මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ ආරක්ෂක බලකා ප්‍රධානී (CDF) නියෝජනය කරමින් කර්නල් මොහොමඩ් ෂරීෆ් සහභාගී විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා සිය ප්‍රධාන දේශනය අතරතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ එහි ඉංජිනේරු බලකාය විසින් ලබා දුන් පුහුණු සහාය බෙහෙවින් අගය කළ අතර සහයෝගීතාවයට යුද්ධ හමුදාධිපතිතුමන්ට ස්තූතිය පුද කළහ.

තවද, ලබා දුන් අගනා පුහුණු අවස්ථාව සඳහා ඉංජිනේරු බලකායේ කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක අගය කළේය. සමාප්ති උළෙල සඳහා මධ්‍යම ප්‍රදේශයේ මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ කාර්ය මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී වූහ.

BIEDDT, මූලික පාඨමාලාව අවසන් කිරීමෙන් පසු, තවත් හමුදා භටයින් 24 දෙනෙකු සඳහා සති හතක දිර්ඝ පාඨමාලාවක් 2020 ජනවාරි මස පළමු සතිය තුළ ආරම්භ වේ. දස දෙනෙකුගෙන් යුත් උපදේශක කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී ලංකා හමුදාවේ ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ කර්නල් ව්‍යාපෘති ලුතිනන් කර්නල් චන්දන වික්‍රමනායක විසිනි.

පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IEDD) සාමාජිකයින්ගේ ස්වාධීන කණ්ඩායමක් ලෙස සහ කණ්ඩායම් අණදෙන නිලධාරීන් ලෙස අභ්‍යාසය ක්‍රියාත්මක කිරීමේදී සිසුන්ගේ කාර්ය සාධනය ප්‍රශංසනීය විය.

මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) සේනාවිධායක කර්නල් අහමඩ් ෂරීෆ් සහ ආරක්ෂක අධ්‍යයන විද්‍යාලයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ (CDSS) ප්‍රධානී කපිතාන් ඉබ්‍රාහිම් ෂාහිඩ් (Captain Ibrahim Shahid) අවසන් අභ්‍යාසයේ නිරීක්ෂකයින් ලෙස සහභාගී වූහ. latest Running | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth