Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2019 09:27:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයෙන් තවත් කෙඩෙට් නිලධාරීන් 321 දෙනෙකු මාතෘභූමියට සේවය කිරීම සඳහා එක්වෙයි

දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ඉතිහාසයට අමරණීය මතකයක් එක් කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරධනයකට අනුව, සෙනසුරාදා (21) දින පැවැති කෙඩෙට් නිලධාරීන් 321 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි විය.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව විසිරයාමේ උත්සව කටයුතු ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන්ම, ප්‍රධාන ආරාධිත අමුත්තා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.කේ ඊෂ්වරන් සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කර මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට ගෞරවාචාර පුද කරන ලදී.

විවිධ වර්ණ ධජයන්ගෙන් පරිපුර්ණ වු අතිවිශිෂ්ට දර්ශනීය පසුබිමක ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨ සරඹ භූමියේ පැවැති විසිරයෑමේ පෙළපාලියේ ආරම්භය සනිටුහන් කරමින් පෙළපාලියේ අණදෙන්න නිලධාරී ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එන්.අයි.පී.කේ. ගමගේ හමුදා චාරිත්‍රානුකූලව පෙළපාලියේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ප්‍රධාන පීඨිකාවේ සිටි ප්‍රධාන ආරාධිත අමුත්තාගෙන් අවසර ලබාගත්හ.

තුර්ය වාදක කණ්ඩායමේ තනු වාදනය ආරම්භ කිරිමත් සමඟ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ගරු අග්‍රාමාත්‍ය තුමන් පෙළපාලිය පරික්‍ෂාවට ලක්කිරිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ එක්ව විසිරයන කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම සංකේතවත් කරමින් අසිපත් පිළිගැන්විය. ඉන් අනතුරුව, නව නිලධාරීන් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සිය ගෞරවාචාරය පුද කළහ.

ජාතියේ ආරක්‍ෂකයින් ලෙස සේවය කිරීම සඳහා කැපවු දු පුතුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක - 87, 87(බී) ද , ස්වෙච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක - 59, ස්වෙච්ඡා කෙඩෙට් නිලධාරීණි පාඨමාලා අංක - 16 සහ කෙඩෙට් නිලධාරීණි පාඨමාලා අංක - 17 යටතේ සාර්ථකව පුහුණුව හදාරා අධිකාරියට පත්ව නව නිලධාරීන් ලෙස දිවයින පුරා රාජකාරි සඳහා යෙදවීමට නියමිතය.

“රට බෙදීමේ තර්ජන කිහිපයක් මධ්‍යයේ ස්වෛරීභාවය මෙන්ම ජාතියේ පැවැත්ම අපේ ත්‍රිවිධ හමුදාව විසින් ආරක්‍ෂා කොට පෝෂණය කරන ලදී. විවිධ රටවල් දේශපාලන මට්ටමින් අපගේ ත්‍රිවිධ හමුදාව සමඟ කෝපයෙන් සිටියත් විදේශීය ත්‍රිවිධ හමුදාවන් පිළිගන්නේ අපගේ යුද ජයග්‍රහණය අති විශිෂ්ට බවයි. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය මුලිනුපුටා දමා ලෝකය ඉදිරියේ ආඩම්බරයට පත් හමුදාවකට ඔබ අද සම්බන්ධවී සිටීයි” යනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමන් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව, සියලුදෙනාගේ සුබපැතුම් මධ්‍යයේ කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 87 හි සෑම අතීන්ම අතිශූර නිලධාරීයාට හිමි කුසලානය සහ ගෞරවණීය අසිපත බලඇණි භාර නිලධාරී ටී.ජී.පී.එච් කෝදාගොඩ විසින් හිමිකරගත් අතර කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 87 බී හි සෑම අතීන්ම අතිශූර නිලධාරීයාට හිමි කුසලානය සහ ගෞරවණීය අසිපත කණ්ඩායම් භාර නිලධාරී ඒ.එම් චන්ද්‍රතිලක විසින් හිමි කරගන්නා ලදී.

කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 17 හි සෑම අතීන්ම අතිශූර නිලධාරීණියට හිමි කුසලානය සහ ගෞරවණීය අසිපත ඛණ්ඩ භාර නිලධාරීණි කේ.පී.ඩී.අයි මධුෂානි විසින් හිමිකරගත් අතර ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 59 හි සෑම අතීන්ම අතිශූර නිලධාරියට හිමි කුසලානය කෙඩෙට් නිලධාරීණි පී.ඩී.ටී.ආර්.එල්. පුල්ලෙපෙරුම සහ ගෞරවණීය අසිපත කණ්ඩායම් භාර නිලධාරි කේ.එම්.ජී.ඩී.බී කාන්ගර විසින් හිමි කරගන්නා ලදී.

ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 16 හි සෑම අතීන්ම අතිශූර නිලධාරීණියට හිමි කුසලානය සහ ගෞරවණීය අසිපත කෙඩෙට් සැරයන් ජේ.පී.ටී රන්මාලි විසින් හිමි කරගන්නා ලදී.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම සම්මාන කෙඩෙට් නිලධාරී පාඨමාලාවන්හිදී ලබාගත් ලකුණු වලට අනුව අධිකාරියට පත්ව විසිරයන නිලධාරීන් අතරින් දක්‍ෂතම නිලධාරීන් වෙත පිරිනැමීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨය තුළ රැදී සිටි කාලයේදී එම කෙඩෙට් නිලධාරීන් සඳහා විද්‍යාපිඨය තුළින් පුළුල් පුහුණුවක් ලබාදී ඇත.

එම කුසලාන පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාගාරයේ දී දෙමාපියන් විසින් අධිකාරියට පත් නව නිලධාරීන්ගේ උරහිසෙහි ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් නිළ ලාංඡන පැළඳ වූ අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ගරු අග්‍රාමාත්‍ය තුමන්, යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.කේ ඊෂ්වරන් ද එක්ව සිටියහ.

ඉන් අනතුරුව, කෙඩෙට් නිලධාරී නිවස්නයේදී පැවැත්වෙන ‘අධිකාරියට පත් රාත්‍රි හෝජන සංග්‍රහය’ සඳහා අධිකාරියට පත් නව නිලධාරීන් සමඟින් යුද්ධ හමුදාපතිතුමා ඇතුළු කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වු අතර එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ අධිකාරියට පත් නව නිලධාරීන් සමඟ එක්ව පාඨමාලා කාලය තුල සිදුවු සිදුවීම් පිළිබඳව සුහද අදහස් හුවමාරු කරගන්නා ලදී.

අධිකාරියට පත්ව විසිරයන නව නිලධාරීන්ට සුබපැතුම් එක් කිරීම සඳහා විදේශ හමුදා නියෝජිත පිරිසක්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, තානාපති කාර්යාල නිලධාරීන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. Best Sneakers | Air Jordan Release Dates Calendar