Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2019 14:32:16 Hours

රුසියානු බිම්බෝම්බ විශේෂඥයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ මෙහෙයුම් පිළිබඳ දැනුවත් වෙයි

රුසියානු සන්නද්ධ හමුදාවේ ඉංජිනේරු ප්‍රධානී ලුතිනන් ජෙනරාල් යූරි ස්ටාවිට්ස්කි (Lieutenant General Iurri Stavitskii) ගේ ප්‍රධානත්වයෙන් යුත් රුසියානු දූත පිරිස දිවයිනේ සිදුකළ සංචාරයක් අතරතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල ක්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

ඉංජිනේරු බලකායේ ප්‍රධාන ප්‍රාදේශීය පරිපාලන නිලධාරී කර්නල් සර්ජි එල්. බොබ්රිකොව්, (Colonel Sergey L. Bobrikov), ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී කර්නල් ඇලෙක්සැන්ඩ්‍රා ඒ. මල්කොව් (Colonel Alexandre A. Malkov), රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර පරීක්‍ෂණ අංශයේ ප්‍රධානී කර්නල් ව්ලැඩ්මීර් ඕ. මල්කුටා (Colonel Viadimir O. Malkuta) ඇතුළු නියෝජිත පිරිස බිම් බෝම්බ ඉවත්කිරීමේ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පළමු වරට අත්දැකීම් ලබාගැනීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බැවින් ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන් අමරසේකර විසින් ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඉදිරිපත් කරන ලදී.

මෙම වැඩසටහනට අමතරව, නියෝජිත පිරිස දැනුවත් කිරීම සඳහා 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ ප්‍රායෝගික නිරූපණයක් සිදු කරන ලදී. මෙම අවස්ථාවට සපැමිණි නියෝජිත පිරිස ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එදින වැඩසටහන නිමාවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් එම නියෝජිත පිරිස වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රුසියානු හමුදාව අතර තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීම සඳහා 2018 දී අත්සන් කරන ලද දැනට පවතින හමුදා සහයෝගීතා ගිවිසුම යටතේ පසුගිය ජුනි මාසයේදී නිලධාරීන් තිදෙනෙකු සහ සෙසුනිලයින් දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාවේ සංචාරයක නිරතවී තිබිණි.

රුසියානු දූත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවදානම් සහිත බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්, මෙතෙක් ලබා ඇති ප්‍රගතිය, බිම්බෝම්බ ඉවත් කරන සාමාජිකයින්ගේ කැපවීම අගය කළ අතර අනාගතයේ දී හැකි සෑම ආධාරයක්ම ලබාදෙන බවට සහතික විය. තවද, නියෝජිත පිරිස බිම්බෝමබ ඉවත් කිරීමේ කටයුතුවල නියැලී සිටින නිලධාරීන් සහ සෙසුනිලයින්ට සුබ පැතුම් ද එක් කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ බිම්බෝම්බ ඉවත් කරන ක්‍රියාවලිය සහ එහි ප්‍රගතිය පිළිබඳ දැනුවත්වීමේ අරමුණින් රුසියානු හමුදා නියෝජිත පිරිස අඟහරුවාදා (10) දින ශ්‍රී ලංකාවට පැමිණියහ.

1982 දී ටියුමන් උසස් හමුදා ඉංජිනේරු විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ස්ටාවිට්ස්කි (Lieutenant General Stavitskii) රුසියානු සමූහාණ්ඩුවේ ගෞරවනීය හමුදා විශේෂඥයෙකි. ඔහු ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ උතුරු ක්‍රොඒසියාව යන රටවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ විශේෂඥයෙකු ලෙස සේවය කරන අතර ගෝලීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා දැඩි ආධාරකරුවෙකු ලෙස කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඔවුන්ගේ සහයෝගය අගය කළ අතර ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුබපැතුම් ද එක් කළේය.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, ඉංජිනේරු බළකායේ කර්නල් සේනාවිධායක, ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධයක, සහ ඉංජිනේරු බලසේනාවේ හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් එම රුසියානු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුල ඔවුන් සමඟින් රෙජිමේන්තු මුලස්ථානය ඇතුළු අනෙකුත් ප්‍රදේශයන්හි සිදුකළ සංචාරයන් සඳහා ද සම්බන්ධ විය. Sports brands | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp