නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදුණු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාන්‍ය සෙබළ එස්.ඒ දර්ශන මීටර් 400 (තත්පර 46.69) සහ මීටර් 100 x 4 (තත්පර 39.14) මෙන්ම 400 x 4 (03: 08.04) යන ඉසව්වන්ගෙන් රන් පදක්කම් 2 ක් දිනාගැනීමට සමත්විය. එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී සැරයන් යූ.කේ.එන්. රත්නායක මීටර් 1500 (මිනිත්තු 4:34:34) හා මීටර් 5000 (මිනිත්තු 16:55:18), සාමාන්‍ය සෙබළ එස්.එල්.එස්. සිල්වා දුරපැනීම (මීටර් 6.38), සාමාන්‍ය සෙබළ බී.එම්.එච්.පී. බාලසුරිය තුම්පිම්ම (මීටර් 13.12), කෝප්රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි මීටර් 100 කඩුලු පැනීම (තත්පර 13.68) හා මීටර් 100 x 4 (තත්පර 44.89), කෝප්රල් ලේකම්ගේ හෙල්ල විසිකිරීම (මීටර් 55.02) සහ කාන්තා සෙබළ දිල්ෂි කූරසිංහ මීටර් 400 (තත්පර 53.40) හා මීටර් 800 (මිනිත්තු 2:06.18) රන් පදක්කම් දිනාගත්හ.
මේ වනවිට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගෙන තිබේ.
යුද්ධ හමුදා පදක්කම්ලාභීන්ගේ ලැයිස්තුව පහත පරිදි වේ;
(රන් පදක්කම්) පිරිමි 100 x 4
සැරයන් ඩබ්ලිව්.කේ.එච්. අශාන්
ලාන්ස් කෝප්රල් එම්.වී.එස්. ද සිල්වා
සාමාන්‍ය සෙබළ අබේකෝන්
(රන් පදක්කම්) පිරිමි 400 x 4
සාමාන්‍ය සෙබළ එස්.ඒ. දර්ශන
ලාන්ස් කෝප්රල් ඒ.එම්.එල්.පී. ගුණරත්න
(රන්පදක්කම්) කාන්තා 100 x 4
කෝප්රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්දි
කාන්තා සෙබළ ඩි.ටි.ඒ. අමාෂා සිල්වා
කාන්තා සෙබළ සාරංගි සිල්වා
(රන් පදක්කම්) කාන්තා 400 x 4
කාන්තා සෙබළ ඊ.කේ මදුෂානි
කාන්තා සෙබළ දිල්ෂා කූරසිංහ
(රිදී පක්කම්) පිරිමි
සැරයන් ඩබ්ලිව්.කේ.එච්. අශාන් - මීටර් 100
ලාන්ස් බොම්බඩියර් කේ. සන්මුගේෂ්වරම් - මීටර් 10000
ලාන්ස් කෝප්රල් එම්.වී.එස්. ද සිල්වා - මීටර් 200
ලාන්ස් කෝප්රල් ඒ.එම්.එල්.පී. ගුණරත්න - මීටර් 400
(රිදී පදක්කම්) කාන්තා
බළලත් නිලධාරී I බී.එල්. නදීකා ලක්මාලි - හෙල්ල විසිකිරිම
කාන්තා සෙබළ ඩි.ටි.ඒ. අමාෂා - මීටර් 100
කාන්තා සෙබළ එච්.ඩි.වී. ලක්ෂානි - තුන්පිම්ම
කාන්තා සෙබළ ඊ.කේ. මදුෂානි - මීටර් 400 කඩුලු පැනීම
(ලෝකඩ පදක්කම්) පිරිමි
සාමාන්‍ය සෙබළ ආර්.ආර්.ඩි. රණතුංග - මීටර් 110 කඩුලු පැනීම
ලාන්ස් කෝප්රල් එම්.එන්.එස්. මොහොමඩ් - තුන්පිම්ම
සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.වී.එස්.එම්. ප්‍රනාන්දු - යගුලිය
සාමාන්‍ය සෙබළ ආර්.එම්.ජේ.එස්. සුමේද රණසිංහ - හෙල්ල විසිකිරීම
(ලෝකඩ පදක්කම්) කාන්තා
කෝප්රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි - මීටර් 100
ලාන්ස් කෝප්රල් ආර්.ඒ.අයි.එස්. රාජසිංහ මීටර් 110 කඩුලු පැනීමNike Sneakers | nike air speed turf rose gold price per gram