Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2019 14:08:09 Hours

ඉන්දියාවේ පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය’ එළිමහන් මෙහෙයුම් සමඟ ඉදිරියට

ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේදී පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ වාර්ෂික යුද අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම විවිධ එළිමහන් යුද අභ්‍යාස ඇතුළු විශේෂ පුහුණු සැසි මාධ්‍ය හා මාධ්‍ය ප්‍රජාව සමඟ උද්යෝගිමත් ලෙස සිදුකරමින් සිය හයවන දිනය අවසන් කළේය.

ඉන්දියානු ගුවන් හමුදාවේ එම්අයි -17 හෙලිකොප්ටර් භාවිතා කරමින් මුදාගැනීමේ මෙහෙයුම් දියත් කරන ලද අතර සතුරු කඳවුරු විමර්ශනය, කැලෑබඳ වෙඩි තැබීමේ පුහුණුවීම්, ශිවනේරි ප්‍රදේශයේ එකාබද්ධව කෘතිම පර්වතයක් මතට නැගීම, තුවාලකරුවන් මුදාගැනීම පිළිබඳ පුහුණුවීම, වැඩි දියුණු කරන ලද පුපුරන ද්‍රව්‍ය පිළිබඳ දැනුම හා පුරුද්ධ ඇති කිරිම සහ නිරායුධ සටන් පුහුණුවීම් ඇතුළු එළිමහන් ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයන් එම දියේදී සිදු කරන ලදී.

අභ්‍යාසයේ කොටසක් ලෙස මාධ්‍යයට මුහුණදීම සඳහා නිලධාරීන් සහ කනිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ද පුහුණු කරන ලද අතර ඉන්දියානු සෙබළුන් එම පුහුණු අභ්‍යාසයන් තුළ ප්‍රායෝගිකව ශ්‍රී ලාංකික කණ්ඩායම සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කළහ. මෙම පුහුණු අභ්‍යාසයේ ජ්‍යෙෂ්ඨ අභ්‍යාස සම්බන්ධීකාරක සහ නිරීක්‍ෂක ලෙස කර්නල් භාතිය මදනායක කටයුතු කරන අතර නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසුනිලයින් 109 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාස ඇගයීම්කරු ලෙස මේජර් රුවන් එදිරිසිංහ කටයුතු කරයි.Sport media | UOMO, SCARPE