Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2019 16:28:36 Hours

661 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ශාන්ත හේවගේ ඉකුත් සඳුදා (18) රාජකාරී ආරම්භ කරන ලදී.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභියසදී පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව බලසේනාධිපතිතුමන් බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් ඇමතීමෙන් අනතුරුව සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම අවස්ථාව සඳහා බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහ බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ. Sports News | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival