Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2019 12:45:51 Hours

‘ලෝක දියවැඩියා දිනය සමගාමීව ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක් ව්‍යාපෘතිය ’ මඟින් සමරයි

කොළඹ යුද්ධ හමුදා රෝහල විසින් දියත් කරනු ලබන නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක් ව්‍යාපෘතිය ‘ලෝක දියවැඩියා දිනයට’ සමගාමීව කොළඹ යුද්ධ හමුදා රෝහලේ රෝගීන් සහ කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතියේදී පෝස්ටර් ප්‍රදර්ශණය කිරීම, අධ්‍යාපනික පත්‍රිකා බෙදාහැරීම, වීඩියෝ චිත්‍රපට ප්‍රදර්ශණය කිරිම, ආහාර පාලනය කිරීමේ පුරුදු සඳහා මඟපෙන්වීම, ශාරීරික අභ්‍යාස සඳහා උපදෙස්, වෛද්‍ය උපදේශන සේවාවන් පැවැත්වු අතර වෛද්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඒ පිළිබඳ දේශන කිහිපයක්ද පැවැත්වුහ.

නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක් ව්‍යාපෘතියේ නිර්මාතෘ බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන විසින් දියවැඩියා දින වැඩසටහනට සමඟාමීව ආරම්භක දේශණය සිදුකරන ලදී.

මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, යුද්ධ හමුදා රෝහලේ පරිපාලන හා නඩත්තු අධ්‍යක්‍ෂ, කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිළයින් සහ සෙසුනිළයින් 100 අධික සංඛ්‍යාවක් සහභාගි විය.

උපදේශක වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන, උපදේශක වෛද්‍ය ලුතිතන් කර්නල් කේ.ජි.එන්.යු ජයසිංහ, උපදේශක වෛද්‍ය ලුතිතන් කර්නල් ඩී.එස් හෙයියන්තුඩුව සහ පෝෂණවේදී එන්.එම්.එස් හෙට්ටිගෙදර මහත්මිය විසින් මෙම වැඩසටහන අතරතුරදී දේශණ පැවැත්විය. Adidas shoes | nike air jordan lebron 11 blue eyes black people