Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2019 20:14:26 Hours

සිය දිවංගත පියාණන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පාසල් පොත් සහ වියළි සලාක පරිත්‍යාග කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන මානූෂීය ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ අනුග්‍රහය ඇතිව වැලිකන්ද පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අභ්‍යාස පොත් සහ පෙළ පොත් තොගයක් ඉකුත් සෙනසුරාදා (05) දින වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේදී පරිත්‍යාග කරනු ලැබීය.

දිවංගත සිය පියාණන්ට පිං පිණිස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව පෙර පාසල් ළමුන් 32 දෙනෙකු වෙත මෙලෙස පොත් තොගය බෙදාදෙන ලදී.

එදින පැවැති වැඩසටහනේ තවත් කොටසක් ලෙස වැලිකන්ද නව ගම්මානයෙහි පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් වෙත පාසල් උපකරණ සහ වියළි සලාක පාර්සල් තොගයක් බෙදාදුන්හ.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් ප්‍රියන්ත විජේකෝන් ද සහභාගී විය. jordan release date | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092