Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2019 20:00:27 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව පැළ සහ පොහොර පැකට් තොගයක් බෙදාදෙයි

බෝගස්වැව, සැළලිහිණිගම, කොක්එළිය සහ නන්දිමිත්‍රගම යන ගම්මානවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන්ට කොස් පැළ සහ පොහොර පැකට් බෙදාදීමේ වැඩසටහනක් ඔක්තෝබර් මස 3 සහ 4 යන දිනයන්හීදි ‘හදබිම’ අධිකාරිය විසින් සංවිධානය කර තිබූ අතර 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.පී.සෙනෙවිරත්න ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් අදාල ගම්මානවල පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් අතර එම පැළ සහ පොහොර පැකට් තොගය බෙදාදීම සඳහා සහයෝගය ලබාදුන්හ.  

‘හදබිම’ අධිකාරියේ සම්බන්ධීකරණයෙන් 56 වන සේනාංක මූලස්ථානයේදී සහ නන්දිමිත්‍රගම ප්‍රජා මධ්‍යස්ථානයේදී වෙන් වෙන් වශයෙන් මෙම බෙදාදීමේ වැඩසටහන් සංවිධානය කර තිබිණි.  

මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කරගැනීම සඳහා මේජර් ජෙනරාල් එචි.පී.සෙනෙවිරත්න, ‘හදබිම’ අධිකාරියේ සභාපති සාලින්ද සාගර මහතා මෙන්ම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍යාධාර සපයනු ලබන ආයතනයක නියෝජිතයින් කිහිපදෙනෙකු ඇතුළු 563 වන බලසේනාවේ බලසේනාධිපති සහ අදාල ඒකකයන්හී අණදෙන නිලධාරීන් ද සිය දායකත්වය දැක්විය. Running sports | Nike Shoes