Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2019 22:32:43 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික රණවිරුවන් සමඟ යුද්ධ හමුදා සංවත්සර දිනයේදී පිළිසඳරක

70 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, ශිරෝමී ලියනගේ මහත්මිය සමඟ ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ හි සංචාරයක නිරත විය.

යුද්ධ හමුදාධිපතිතුමන් නියොජනය කරමින් එහි සපැමිණී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම සුවතා නිකේතනයේ වාට්ටුවලට ගොස් යුද්ධ හමුදා දිනයේ (ඔක්තෝබර් 10) වැදගත්කම සංකේතවත් කරමින් එහි සුවය ලබන රණවිරුවන් හට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් බෙදා දුන්හ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් රණවිරු සෙවනෙහි රැඳී සිටි කාලය තුළ එහි නේවාසික රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී එම ආබාධිත රණවිරුවන් ඔවුන්ගේ සෞන්දර්යාත්මක මෙන්ම සංගීත හා හස්ත කර්මාන්තයන් වෙනුවෙන් ඔවුන් සතු සහජ කුසලතාවයන්ද එතුමන් වෙත ප්‍රදර්ශණය කරනු ලැබීය. තවද, මිහිඳු සෙත් මැඳුරෙහි භෞතචිකිත්සක ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය සහ නේවාසික රණවිරුවන්ගේ ප්‍රතිකාර කාමර කිහිපයක් පිළිබඳව ද සොයා බැලූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් වෙත මිහිඳු සෙත් මැදුරෙහි සේනාවිධායකතුමන් විසින් අදාල ඒකකයන් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන ලදී.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් එම පරිශ්‍රයට සපැමිණි විට මිහිඳු සෙත් මැදුරෙහි සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්.ඩී.ජේ.ඩී. ගුණතිලක සහ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු සමඟ එතුමන් පිළිගනු ලැබූ අතර ඉන් පසුව නේවාසික රණවිරුවන් ප්‍රතිකාර ලබන වාට්ටු කිහිපයක් නිරීක්‍ෂණය කරනු ලැබීය. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම එතුමන් හට මිහිඳු සෙත් මැදුරෙහි සේනාවිධායකතුමන් විසින් විශේෂ සිහිවටනයක් ප්‍රදානය කරන ලදී. එමෙන්ම, මිහිඳු සෙත් මැදුරෙහි ඇති විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතෙහි සිය සමරු සටහනක් තැබීමට ද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු මෙන්ම සෙසු නිලයින් ද සහභාගී වූහ.bridge media | Nike Off-White