Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2019 13:10:05 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මුලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ නව පෙර පාසලක් ඉදිකිරීමට මූල්‍යාධාර

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අරියාලෙයි, පුම්පුකර් ප්‍රදේශයේ ශන්මුග පෙර පාසල සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය මූලික පියවර ගන්නා ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්බන්ධතාවය මත එක්සත් ජනපදයේ පදිංචි සේනක අමරනායක මහතා විසින් මෙම නව ගොඩනැගිල්ල ළමුන් සඳහා ඉදිකිරීමට අවශ්‍ය මූල්‍යාධාර පරිත්‍යාග කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් සඳුදා (7) දින 52 වන සේනාංකයේ සේනාංකාධිපති, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් සමග එක්ව නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සුභ මොහොතින් මුල්ගල තැබීය. Mysneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ