Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2019 17:13:59 Hours

පරවි පාලනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වේ

යාපනයේ උතුරු ධාවන පරවියන්ගේ සංගමය විසින් කරන ලද යෝජනාවකට අනුව කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් පරිදි 571 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සම්බන්ධීකරණයෙන් යුතුව එම බලසේනාව විසින් පරවි පාලනය පිළිබඳව වැඩමුළුවක් සැප්තැම්බර් 29 වන දින කිළිනොච්චි පහසුකම් මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

පරෙවියන් රැකබලා ගැනීම, පුහුණු කිරීම සහ හැසිරවීමේ ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයින් දැනුවත් කිරීම වෙනුවෙන් එම සංගමයේ සාමාජිකයින් වැඩමුළුව අතරතුර දේශන, සාකච්ඡා සහ ප්‍රශ්න-පිළිතුරු සැසි පවත්වන ලදී. එමෙන්ම වැඩමුළුව සඳහා උනන්දුවක් දැක්වූ සිවිල් වැසියන් 47 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද මේ වෙනුවෙන් සහභාගී වූහ. trace affiliate link | Klær Nike