Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2019 17:00:59 Hours

පලාලි හිදී නව සුභසාධන වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල තබයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පලාලි යුද්ධ හමුදා ජනපදයේ නව දෙමහල් සුභසාධන වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය සිකුරාදා (04) දින පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සුභසාධන කාර්යභාරය සඳහා උනන්දුවක් දක්වන ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ඩී.එම්.කේ. ජයවර්ධන විසින් කරන ලද ඉල්ලීමකට අනුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලබන නව සුභසාධන වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍යවන ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාදීමට සීමාසහිත AIA රක්‍ෂණ සමාගම සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව විසින් අනුග්‍රහය දක්වන ලදී.

යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය නාගවිහාරයේ ධම්ම හිමියන් විසින් සිදුකළ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සහ ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ඩී.එම්.කේ. ජයවර්ධන නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරිම සඳහා සුබමොහොතින් මුල්ගල් තැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.Sport media | Air Jordan 1 Retro High OG University Blue - Gov