Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2019 17:13:59 Hours

574 වන බලසේනාවේ භටපිරිස් පාසලකට තාවකාලික පොල්අතු ශාලාවක් ඉදිකරදෙයි

කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි ශිවපතකාලේයගම් විද්‍යාලයේ ගුරුවරුන්ගේ හා සිසුන්ගේ සංවේදීතාවන්ට ප්‍රතිචාර දක්වමින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිසුන්ට අමතර පන්ති පැවැත්වීමට සඳහා හෝ විෂය ක්‍රියාකාරකම් පැවැත්වීම සඳහා තාවකාලික පොල්අතු ශාලාවක් ඉදිකරදෙන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 574 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ක්‍ෂණික විසඳුමක් ලබාදෙමින් අවම වශයෙන් පන්ති 4 ක් හෝ 5 ක් එකම වහලක් යට පැවැත්වීය හැකි විශාල හා දිගු තාවකාලික ශාලාවක් ඉදිකරදී තිබේ.  574 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් නවතමයෙන් ඉදිකල තාවකාලික ශාලාවේ බිම සිමෙන්ති කර පිළිවෙලට සකස් කරන ලදී.

ලෝක ළමා දිනයට සමගාමීව අඟහරුවාදා (1) දින පැවති සරල උත්සවයකදී, 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.ඒ.එන්.බී පෙරේරා පීත්ත පටියක් කපා නවතමයෙන් ඉදිකළ තාවකාලික ශාලාව විදුහල්පතිතුමන් හා ගුරුවරුන් ඉදිරියේ සිසුන් වෙත භාර දුන්නේය.

එම අවස්ථාවේදී, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් පාසලේ සිසුන් සමඟ එක්ව රුක් රෝපණ වැඩසටහනකට දායකවෙමින් පාසල් පරිශ්‍රයේ පැළ කිහිපයක් රෝපණය කරනු ලැබීය.

නවතමයෙන් ඉදිකළ තාවකාලික පොල්අතු ශාලාව සිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ හැකිය. උත්සවය අවසානයේ ගුරුවරුන් සහ සිසුන් යුද්ධ හමුදාවට සිය කෘතඥතාවය පුද කළහ. bridgemedia | New Releases Nike