Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2019 13:37:00 Hours

14 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් ‘සියදිවි හානිකරගැනීම වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කරයි

යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ දේශකයින් සිවිල් උපදේශකයින් කිහිපදෙනෙකු සමඟ එක්ව ‘සියදිවිහානි කරගැනීම වැළැක්වීම හා ගැටළු නිරාකරණය කිරීම පිළිබඳ මානසික ප්‍රවර්ධන වැඩසටහනක්’ ඉකුත් බදාදා (02) දින බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම දේශනය සඳහා 14 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලු ස්ථාන නියෝජනය කරමින් නිලධාරීන් 5 ක් සහ සෙසුනිලයින් 107 දෙනෙකු සහභාගි වූහ. යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මේ වනවිට ක්‍රියාත්මක කරන අධ්‍යාපනික වැඩසටහන්වලට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් දැනුවත් කිරීමේ අරමුණින් මෙවැනි දේශන කිහිපයක්ම පවත්වා ඇත. short url link | Women's Sneakers