Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2019 10:36:51 Hours

මුලතිව් භටපිරිස් ලෝක ළමා දිනයට සිංහ සමාජයේ අනුග්‍රහය ලබාගනි

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහ, දිස්ත්‍රික් 306 ඒ-1 ජාත්‍යන්තර සිංහ සමාජය සමඟ සම්බන්ධිකරණයෙන් ලෝක ළමා දිනයට සමගාමීව මූලතිව් ප්‍රදේශයේ වේනවිල ශ්‍රී මුරුගානන්ද විද්‍යාලයේ සහ මන්තුවිල් අරසරත්නම් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 253 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථායේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

මෙහිදී, දිස්ත්‍රික් 306 ඒ -1 ජාත්‍යන්තර සිංහ සමාජ විසින් පරිත්‍යාග කරන ලද රුපියල් 942,720/= ක මූදලක් වියදම් කරමින් පාසල් සිසුන්ට පාසල් උපකරණ සහ අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව, පාසල් පොත්, පාවහන්, මේස් යුවල්, පෑන්, පැන්සල්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ තොගයක් මෙලෙස පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිස්ත්‍රික් 306 ඒ -1 ජාත්‍යන්තර සිංහ සමාජයේ සිංහ ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා සහභාගි වූ අතර 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස්.ආරියසිංහ ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා පුදුකුඩිඉරිප්පු දිස්ත්‍රික් ලේකම්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්‍ෂ, 682 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්. කස්තුරිමුදලිගේ, 681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.එස්. මුණසිංහ, 683 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නලින් හෙට්ටිආරච්චි, දිස්ත්‍රික් 306 ඒ -1 ජාත්‍යන්තර සිංහ සමාජයේ සාමාජිකයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ ප්‍රතිලාභි සිසුන් සහභාගි වූහ. Sports brands | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp