Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2019 19:55:47 Hours

ලෝක ළමා දිනයට සමගාමීව කිලිනොච්චි භටපිරිස් සඳහා හරවත් දේශනයක්

ලෝක ළමා දිනයට සමගාමීව කිලිනොච්චි අරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟ පෙන්වීම මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුතුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද ‘සුමිතුරු දැයකින් දිනවමු දරුවන්’ යන මතෘකාව යටතේ හරවත් දේශනයක් ඉකුත් අඟහරුවාදා (1) දින නෙලුම්පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම හරවත් දැනුවත් කිරීමේ දේශනය මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති විසින් මෙහෙවන ලද අතර දේශනය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 35 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 650 කුන් පමණ සහභාගී වූහ. url clone | Men's Sneakers