Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2019 20:35:59 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය ලෝක වැඩිහිටි දිනයට සමගාමීව ව්‍යාපෘතියක් දියත් කරයි

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඔක්තෝබර් මස 1 දිනට යෙදී ඇති ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව ඉකුත් සඳුදා (30) දින කඩුවෙල විල්බට් පෙරේරා වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කර එහි නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා දිවා ආහාරවේලක් ලබාදී කැලිප්සෝ සංගීත රාවයෙන් ඔවුන් විනෝදාස්වාදයට පත් කළහ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් කරන ලද යෝජනාවකට අනුව පැවැති මෙම මහගු සත්කාරක වැඩසටහනේදී පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතිව එම පරිශ්‍රය තුළ විශේෂ ජංගම වෛද්‍ය සායනයක් පවත්වා වැඩිහිටි නිවාසයේ නේවාසික සියලුම වැඩිහිටියින්ගේ රෝගී තත්ත්වයන් පරීක්‍ෂාවට ලක් කර ප්‍රතිකාර අවශ්‍ය වැඩිහිටියන්ට ඖෂධ ලබාදුන්හ.

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස භටපිරිස් වැඩිහිටි නිවාස ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කිරීම, කුණු කසල ඉවත් කර එම පරිශ්‍රය පිරිසිදු කිරීම සහ සනීපාරක්ෂක පහසුකම් අලුත්වැඩියා කිරීම සිදුකරන ලදී.

කඩුවෙල පැවති මෙම වැඩසටහන සඳහා සහභාගී වූ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මුදලිගේ නේවාසික වැඩිහිටියන්ට ත්‍යාග පාර්සල් ද බෙදාදුන්හ. මෙම වැඩසටහන සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී ද සහභාගී වූහ. Best jordan Sneakers | Nike for Men