Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd October 2019 17:35:06 Hours

අසරණ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල සඳහා යුද්ධ හමුදාව දායකවෙයි

ඔක්තෝබර් මස 01 දිනට යෙදුණු විශ්ව ළමා දිනය නිමිති කොට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අසරණ දරුවන් ආරක්‍ෂා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘දරුවන් සුරකිමු’ ජාතික භාර අරමුදල වෙත රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පතක් අඟහරුවාදා (1) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත පරිත්‍යාග කරන ලදී.

දිවයින පුරා විසිරී සිටින අසරණ දරුවන් සහ විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ගේ ඉදිරි අනාගතය සුරක්‍ෂිත කිරිමේ අරමුණින් යුද්ධ හමුදාව සිදුකරනු ලබන සහයෝගීතාව පුළුල් කරමින් මෙම ප්‍රශංසනීය මුල්‍යමය පරිත්‍යාගය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.

අඟහරුවාදා (01) දින පරිත්‍යාග කරනු ලැබූ අරමුදල් භාරකාර පනත යටතේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර මෙම අරමුදලේ මුදල් ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් කළමනාකරණය කරනු ලබයි. මෙම අරමුදලේ මුදල් මගින් උපයන පොළිය අරමුදලට ලැබෙන සියලුම මුදල් බදුවලින් නිදහස් කිරීමෙන් පසු ව්‍යාපෘතිය සඳහා යොදාගනු ලබයි.

එම අවස්ථාවේදී තවත් එවැනි පරිත්‍යාග කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ඒ.සී.පී වේරගොඩ ද සහභාගී විය. Running sports | Womens Shoes Footwear & Shoes Online