Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

57 වන සේනාංකයේ සේනාංකාධිපති හිටපු එල්.ටී.ටී.ඊ කාන්තාවකගේ සැපදුක් සොයාබලයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ද සිල්වා එම සේනාංක මූලස්ථානය බලප්‍රදේශයේ පිහිටි ඒකකයන්හි සංචාරය කළ අවස්ථාවේදී, දරුවන් දෙදෙනකු සමඟ දුෂ්කරතා මධ්යයේ ජීවත් වන ආබාධිත හිටපු එල්.ටී.ටී.ඊ කාන්තාවකගේ සුවදුක් විමසීමට කාරුණික විය.

වයස අවුරුදු 10 ත් 8 අතර දරුවන් දෙදෙනෙකු සමගින් ජීවත්වන එම වැන්දඹු කාන්තාවගෙන් තොරතුරු විමසු සේනාංකාධිපතිතුමන් ඔවුන්ට අවශ්‍ය වියළි සලාක, නව ඇඳුම් සහ පාසල් උපාංග තොගයක් මෙහිදී පරිත්‍යාග කළේය.

57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 574 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන ගජබා රෙජිමේන්තුවේ සිදු කළ සංචාරය අතරතුරදී අහඹු ලෙස හිටපු එල්.ටී.ටී.ඊ කාන්තාව ජීවත් වූ නිවසට පැමිණ ඇයගෙන් විස්තර විමසුහ. url clone | New Balance 991 Footwear