Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2019 10:59:14 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් කිලිනොච්චියේදී චීන හුබෙයි නර්තන ප්‍රසංගයක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහය ඇතිව චීනයේ සංස්කෘතික කණ්ඩායමක් විසින් චීනයේ හුබේයි සංගීත හා නර්තන ප්‍රසංගයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉකුත් සිකුරාදා (27) දින කිලිනොච්ච්යේදී පැවැත්වු අතර මෙම නර්තන ප්‍රසංගය දැකබලාගැනීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු සිවිල් වැසියන් 1000 කට අධික ප්‍රමාණයක් සහභාගි වූහ.

හමුදාව හා සිවිල් වැසියන් අතර සුහදතාවය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වී. රවිප්‍රිය ගත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙස මෙම සංස්කෘතික නර්තන ප්‍රසංගය සංවිධානය කරන ලදී.

මෙම සංස්කෘතික ප්‍රසංගයට චීන නර්තන අංගයන්, සටන් කලා ප්‍රසංග, චීන හුබෙයි පළාතට විශේෂිත වූ සංගීත හා ගීත සහ චීනයේ හුබෙයි පළාතේ චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශන ආදිය ඇතුළත් විය.

කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ පැවැති මෙම සංස්කෘතික ප්‍රසංගය නැරඹීම සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීෂ්වරන් මහතා, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුම, 57 වන සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා, 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. best shoes | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp