Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි ක්‍රිකට් ශූරතාවය 20 වන විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායමට

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන් අතර පැවැති ‘විස්සයි - විස්ස සැහැල්ලු පන්දු ක්‍රිකට් කුසලානය - 2019’ හී ශූරතාවය හිමිකරගැනීමට 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

තරඟාවලියේ අවසන් තරඟය ඉකුත් සිකුරාදා (20) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සම්භාවනීය ආරාධිතයින් සහ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි විය.

මෙවර තරඟාවලියට කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 34 ක් සහභාගි වූහ. සියලු කණ්ඩායම් අභිබවා යමින් 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම සහ 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය. කෙසේ වෙතත්, අවසන් තරඟයේ දී ලකුණු 15 ක ජයක් හිමිකරගැනීමට 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමත් විය. ත්‍යාග ප්‍රධානෝත්සවයේදී කණ්ඩායම් දෙකටම කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය. මෙම තරඟාවලිය 9 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සංවිධානය කරන ලදී.

අවසන් තරඟය නැරඹීම සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටිහය. jordan release date | Nike for Men