Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘ෆොක්ස්හීල් චෙස් තරඟාවලිය - 2019’ හී ශූරතාවය නාවික හමුදාවට

‘ෆොක්ස්හීල් චෙස් තරඟාවලිය - 2019’ ප්‍රථම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම් චෙස් ශූරතාවලිය පසුගියදා දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී පැවැත්විණි.

දිවයින පුරා කණ්ඩායම් 32 ක් විවෘත, කාන්තා සහ ආභාධිත අංශයන් යටතේ අගෝස්තු මස 30 දින සිට සැප්තැම්බර් මස 2 දින දක්වා දින 4 ක් පුරා පැවැති මෙම තරඟාවලිය සඳහා සහභාගී වූහ.

තරඟාවලියේ ශූරතාවය ශ්රී ලංකා නාවික හමුදා කණ්ඩායම හිමිකරගත් අතර අනුශූරතාවය සහ තෙවන ස්ථානය පිළිවෙලින් ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පේරාදෙණිය විශ්වවිද්යාල කණ්ඩායම විසින් හිමිකරගත්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ චින-ශ්‍රී ලංකා මිත්‍රත්ව ශ්‍රවනාගාරයේ දී සඳුදා (02) දින පැවැති මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහභාගිවූ අතර මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ සහභාගි විය.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ සම්භාවනීය ආරාධිතයෙකු ලෙස ප්‍රවීණ ගීත රචක වීරමාතා විශාරද සුජාතා අත්තනායක මහත්මිය සහභාගී වූ අතර විශේෂ ආරාධිතයෙකු ලෙස සෙකුරෙටෙක් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මේනක ලියනගේ මහතා සහභාගී විය.

මෙම තරඟාවලියේ කාන්තා අංශයේ ශූරතාවය මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් හිමිකරගත් අතර විශේෂිත අංශයේ ශූරතාවය පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් හිමිකරගනු ලැබීය. තවද, ආබාධිත අංශයේ අනුශූරතාවය රාගම ‘රණවිරු සෙවණ’ කණ්ඩායම විසින් හිමිකරගන්නා ලදී.

ෆොක්ස්හීල් චෙස් තරඟාවලියේ ජයග්‍රහකයින් පහතින් දැක්වේ; Running Sneakers Store | Men’s shoes