Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2019 14:10:49 Hours

ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් ජෙනරාල් උරම්කුමාරත් සුරේෂ් කුමාර් (Uramkumarath Suresh Kumar) ගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම විද්‍යාලයේ ‘උපායමාර්ගික අසල්වාසි සංචාරයෙහි’ එක් කොටසක් ලෙස මේ වනවිට දින පහක (අගෝස්තු 25-29) අධ්‍යයන චාරිකාවක් සඳහා දිවයිනට පැමිණ ඇති අතර එම නියෝජිත පිරිස ඉකුත් සඳුදා (26) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඉන්දිය නියෝජිත පිරිස පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වාදෙනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක එම නියෝජිත පිරිසේ ප්‍රධානී මේජර් ජෙනරාල් උරම්කුමාරත් සුරේෂ් කුමාර් (Uramkumarath Suresh Kumar) හා බ්‍රිගේඩියර් නව්ප්‍රීත් සිං ඇලන්ග් (Navpreet Singh Alang) අතර පැවැති මෙම සුහද හමුවේදී, පුහුණු වැඩසහන් සහ තොරතුරු හුවමාරු කරගැනීමේ වැදගත්කම මෙන්ම අසල්වාසි හමුදාවන් සමඟ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරාල් උරම්කුමාරත් සුරේෂ් කුමාර් (Major General Uramkumarath Suresh Kumar) අතර සංකේතාත්මක සුහද සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදුකළ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා යුද්ධ හමුදාවේ වර්තමාන කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳ නියෝජිත පිරිස දැනුවත් කළේය.

නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ, බත්තරමුල්ල ඉන්දියානු සාමසාධක බලකා රණවිරු අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පූදකිරීමට නියමිත අතර ගරු. රාජ්‍ය ආරක්‍ෂ අමාත්‍ය, ආරක්‍ෂක ලේකම්, ගුවන් හමුදාධිපති හමුවීමට ද නියමිතය.

මෙම නියෝජිත පිරිසට ඉන්දිය සන්නද්ධ හමුදාවේ, බංගලාදේශ සන්නද්ධ හමුදාවේ, භූතාන් සන්නද්ධ හමුදාවේ සහ සවුදි අරාබි සන්නද්ධ හමුදාවේ යුද, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන් 11 දෙනෙකු ඇතුලත් විය. bridge media | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD