Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2019 14:19:55 Hours

212 වන බලසේනාවේ බලසේනාධිපති රාජකාරි අරඹයි

212 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් පී.ඒ.එම්. පීරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින සුභ මෙහොතින් රාජකාරි අරඹනු ලැබීය. නවතමයෙන් පත් කරනු ලැබූ බලසේනාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමා හමුදා සම්ප්‍රදායානූකූලව භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මීට ප්‍රථම බ්‍රිගේඩියර් එම්.පී. ලමාහේවා සිය ධූරයේ රාජකාරි කළ අතර එතුමන් අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක තනතුරට පත්වීමෙන් අනතුරුව කර්නල් පී.ඒ.එම්. පීරිස් එම ධූරයේ රාජකාරී භාරගත්හ.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් පී.ඒ.එම්. පීරිස් සිය යුද්ධ හමුදා දිවිය තුළ අණදීම්, උපදේශක සහ මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත.

කර්නල් පී.ඒ.එම්. පීරිස් සිය ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කරන ලදී. affiliate tracking url | Nike