Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22 සේනාංකයේ ක්‍රීඩකයින් විසින් කබඩි ශුරතාව - 2019 දිනාගනි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු අන්තර් සේනාංක කබඩි ශුරතාවලිය - 2019 අවසන් මහ තරඟය පසුගිය සෙනසුරාදා (10) දින පොළොන්නරුව ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණි.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි වු අතර මෙම තරඟාවලිය ඉකුත් ජුලි මස 20 දින සිට අගෝස්තු මස 05 දින දක්වා පැවැත්වු අතර කණ්ඩායම් 05 ක් අතර තරඟ 10 ක් පැවැත්වුහ.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොල විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අවසන් තරඟය සඳහා තේරිපත්වු ක්‍රීඩකයින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත හදුන්වා දෙන ලදි.

22 වන සේනාංකය සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස කබඩි කණ්ඩායම් අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලැබු අතර එහිදි ලකුණු 55 – 30 ක් ලෙස ලබාගනිමින් 22 වන සේනාංකය විසින් වර්ෂයේ සමස්ත ශුරතාවය දිනාගැනීමට සමත්විය.

මෙම තරඟාවලිය අවසානයේ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමු අතර 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර මේජර් ජෙනරාල් අයි.ඕ.ඩබ් මාදොල, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් ඉතා උනන්දුවකින් මෙම අවස්ථාව සදහා සහභාගි වුහ. latest jordans | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet