Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2019 22:40:21 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ස්තූපයේ පූජනීය ධාතූන් වහන්සේ තැන්පත් කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද ස්තූපයේ පූජනීය ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ විශේෂ ආගමික උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින පැවැත්විණි.

මෙම ස්තූපය ත්‍රිකුණාමලය රංගිරි උල්පත් විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක අහුන්ගල්ලේ සිරිවිශූද්ධි හිමි, වැලිකන්ද ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයේ සංඝනායක ඩෙල්විට මෙත්තාලංකාර හිමි සහ මෛත්‍රීගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ධම්මතිලක හිමියන්ගේ අනුශාසනා මත ඉදිකරන ලදි.

මෙම ව්‍යාපෘතියේ පුරෝගාමියා වු නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් ‘සාදුකාර’ මධ්‍යයේ එම ස්තූපයේ ධාතුන් වහන්සේ තැන්පත් කරන ලදි. මෙම ස්තූපය නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ විරෝදාර රණවිරුවන් විසින් ත්‍රස්තවාදය පරාජය කොට, රටට සාමය ගෙන ඒමේ උදාර සේවය අගය කිරීමේ සංකේතයක් ලෙස ඉදිකරන ලදි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වර්ණවත් පෙරහැරකින් මෙම ධාතූන් වහන්සේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත වැඩම කරවනු ලැබීය.

මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පූජනීය ධාතූන් වහන්සේ ස්තූපය වෙත වැඩම කරවනු ලැබූ අතර මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ධාතූන්වහන්සේ තැන්පත් කරන ලදී. best Running shoes | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4