Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2019 15:00:01 Hours

ආගමික පූජකවරුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් අතර අන්‍යෝන්‍ය සුහදතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක බලප්‍රදේශයේ ආගමික පූජකවරුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් අතර විශේෂ අන්තර් ක්‍රියාකාරී සුහද හමුවක් ඉකුත් අඟහරුවාදා (30) දින 662 වන පාබල බලසේනා මූලස්ථානයේ දී පැවැත්විණි.

මෙම අන්තර් ක්‍රියාකාරී හමුව, දෙපාර්ශවයට අදාළ කරුණු සහ වෙනත් විශේෂිත කරුණු හඳුනාගෙන සංහිඳියාව සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 662 පාබල සේනාංකයේ අණදෙන නිලධාරී කර්නල් රවී පතිරවිතාණ ගේ උපදෙස් මත සංවිධානය කරන ලදී.

මෙම සුහද හමුව සඳහා කතෝලික පූජකවරුන් 3 ක්, හින්දු පූජකවරුන් 17 කු ඇතුළු තවත් කිහිපදෙනෙකු සමගින් කර්නල් රවි පතිරවිතාණ, 1 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 2 වන අණදෙන නිලධාරී, 662 වන පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ ඒ යටතේ ස්ථාපිත බළඇණිවල අණදෙන නිලධාරීන් සහභාගි වූහ.

මෙහිදී, ආරක්‍ෂක විධිවිධාන, සිවිල්- හමුදා ව්‍යාපෘතින්, අඛණ්ඩ සංවර්ධන වැඩසටහන්, නීති විරෝධී ව්‍යාපාර මැඩපැවැත්වීම, සිවිල් වැසියන්ගේ ආර්ථික ප්‍රමිතීන් නංවාලීම සහ නිරන්තර සන්නිවේදන ක්‍රියාමාර්ග පවත්වාගෙන යාම මෙන්ම දෙපාර්ශවය අතර හා සමාජයේ යහපත සඳහා සාමූහික කාර්යයේ වැදගත්කම යන කරුණු පිළිබඳව හමුදා නිලධාරීන් විසින් ඔවුන් වෙත පැහැදිලි කර දෙන ලදී.

ඊට ප්‍රතිචාර දක්වමින් ආගමික පූජකවරුන් යුද්ධ හමුදාවේ උත්සාහය අගය කරමින් ස්තූතිය පුද කළ අතර ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට ද ඔවුන් පොරොන්දු වූහ. Adidas footwear | Nike for Men