Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 15:28:48 Hours

යුද්ධ හමුදාවේ සියලු නිලයන් 100 කට අධික පිරිසක් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් පිළිබඳව ඉගෙන ගනී

යුද්ධ හමුදා මානව හිමිකම් හා මානුෂීයවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය පිළිබඳ උසස් සංස්කරණ පාඨමාලා අංක 22 සහ ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය පිළිබඳ මූලික උපදේශක පාඨමාලා අංක 26 යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් ජූනි මස 10 සිට ජූලි මස 18 දින දක්වා කුකුලේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ දී පවත්වනු ලැබීය.

මානව හිමිකම් හා මානුෂීයවාදී නීති අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.ජී.ඩී.එන්. ජයසුන්දර ගේ උපදෙස් හා අධීක්ෂණය මත සංවිධානය කරනු ලැබූ මූලික උපදේශක පාඨමාලා අංක 26 සඳහා නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසුනිලයින් 35 දෙනෙකු සහභාගී වූ අතර මෙම පාඨමාලාව (ජුනි මස 10 සිට 27 දක්වා) සති දෙකක කාලයක් පුරා පැවැත්විණි.

තවද, ජුලි මස 1 දින සිට 19 වන දින දක්වා කාලය තුළ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන් උසස් සංස්කරණ පාඨමාලා අංක 22 කුකුලේගඟදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය පිළිබඳව යුද්ධ හමුදාවේ සියලු නිලයන් දැනුවත් කිරීමේ අපේක්‍ෂාවෙන් මෙන්ම විදේශීය රටවල සිය රාජකාරි කටයුතු සිදුකරනු ලබන අංශවල වැදගත්කම ඉස්මතු කිරීමේ අරමුණින් යුතුව මෙම පාඨමාලාව පවත්වනු ලැබීය.

මෙම පාඨමාලාවන්හිදී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ, කොළඹ විශ්වවිද්‍යාල නීතිපීඨයේ, ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කාර්යාංශයේ සහ කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් මෙන්ම කොළඹ නීති වෘත්තිකයන් විසින් ක්ෂේත්‍රයට අදාළ දේශන පැවැත්වූහ.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් පී.අයි. පතිරණ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී, පාඨමාලාවේ හොඳම නිලධාරියා ලෙස 11 වන ඉංජිනේරු සේවා බලකායේ උපපනි එස්.එම්.එස්.එන්. සේනානායක ද හොඳම සෙසුනිලයා ලෙස 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලලත් නිලධාරී II එච්.එම්.ඒ.එස්. දිසානායක තේරීපත් වූහ. Running sport media | Sneakers