Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2019 12:38:03 Hours

වත්මන් ආරක්‍ෂක තත්ත්වය සහ නව ආරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ නිවේදනයක් නිකුත් කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව, මහජන ආරක්‍ෂාව තහවුරු කිරීමටත් රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම සඳහාත් ආරක්‍ෂක අමාත්‍යංශය ගෙන ඇති ආරක්‍ෂක විධිවිධාන පිළිබඳ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරන ඇත. එම නිවේදනය පහතින් දැක්වේ :

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස්.එච්.එස්. කෝට්ටේගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී විසින් නිකුත් කල නිවේදනය

රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මහජන ආරක්‍ෂාව තහවුරු කිරීමත් රටේ ස්වරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම සඳහාත් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.

අප මාතෘ භූමියේ වර්තමාන ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ අප රටේ වාසය කරන සියලු පුරවැසියන් සහ විදේශිකයන් වෙත ආරක්‍ෂක අමාත්‍යාංශයීය මාධ්‍ය ජාලය සඳහා මා විසින් මෙම ප්‍රකාශය නිකුත් කරනුයේ ඉතා වගකීමෙනි.

මාගේ උපදෙස් සහ අනුබලයන්ට අනුව අප රටේ ආරක්‍ෂාව සම්බන්ධ විශේෂඥ දැනුමෙන් යුතු නිලධාරීන් විසින් අපට ඇති වන්නාවූ ක්ෂණික තර්ජන පිළිබඳ ඇගයුම් කටයුතු සිදුකොට නිමාවු අතර, ඔවුන්ගේ මතයට අනුව එම ක්ෂණික තර්ජනාත්මක තත්ත්වයන් මේ ආකාරයෙන් වළක්වා තිබේ. මින් අදහස් කරනුයේ ආරක්‍ෂක ක්‍රියාමාර්ග කුමන හෝ ආකාරයකින් ලිහිල් කොට නොමැති අතර, ලැබෙන සියලු තොරතුරු පරික්‍ෂා කොට ඇගයීමට ලක්කරන බව තහවුරු කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී නිසි පියවරයන් ගැනීම පිණිස ආරක්‍ෂක අමාත්‍යංශය සන්නද්ධ සේවා, පොලිස් දෙපාර්තමේන්තුව සහ දෙස් විදෙස් බුද්ධි තොරතුරු සේවාවන් සමග සම්බන්ධතාව පවත්වමින් කාර්යක්‍ෂමව කටයුතු කරනු ලබයි. මෙහිදී සැලකිය යුතු වන්නේ, අපට ඇත්තේ ගෝලීය තර්ජනයක්ව පැවති සහ තවදුරටත් එසේ පවතින ත්‍රස්තවාදයේ සාම්ප්‍රදායික නොවන ස්වරූපයක් සමග සටන් වැදීමට සිදුවීමයි.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකල යුතු ප්‍රධාන අංශ පිළිබඳ සලකා බලන විට යහ පාලනය සහ මහජන සුරක්‍ෂිතභාවය හා ආරක්‍ෂාව සඳහා අත්‍යාවශ්‍ය වන ප්‍රධාන සාධකයන් හතක් (07) ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබෙන අතර පුරවැසියන් සියළුදෙනා සුරක්‍ෂිත රටක් සඳහා උපාය මාර්ගික සැලසුම් සහ ප්‍රතිපත්ති නිර්මාණය කොට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පහත දැක්වෙන සාධකයන් අතිශයින් වැදගත් වේ.

1). දේශපාලනික

2). ආර්ථීක

3). සමාජයීය

4). තාක්‍ෂණික

5). පාරිසරික

6). හමුදාමය

7). නීතිය හා සාමය

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ඉහත සඳහන් සාධක වලට අදාළ අමාත්‍යාංශයීය අතිරේක ලේකම්වරුන් සහ ඔවුන් යටතේ ඇති දෙපාර්තමේන්තු ආරක්‍ෂක අමාත්‍යාංශය ලබාදෙන නායකත්වය වෙනුවෙන් අවශ්‍ය කරන කඩිනම් වෙනස්කම් ක්‍රියාවට නැංවීම පිණිස අමාත්‍යාංශයීය ශාඛා පුළුල් කරමින් දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කරන අතර මෙම ආයතනික යාන්ත්‍රණය නිවැරදිව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියට නෛතික මානයක් එක්කරමින් එයට වැඩි අධිකාරීත්වයක් ලබාදීම වෙනුවෙන් කැපවී සිටිති. මෙම මෙහොත වන විටත් මෙම අමාත්‍යාංශය ගැටලු වලින් තොරව පහසුවෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන නව රෙගුලාසි සකස් කොට හදුන්වාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබෙමින් පවතී.

මෙම ක්‍රියාපටිපාටිය මගින් නව ජාතික බුද්ධි සේවා ප්‍රධානී යටතේ බුද්ධි සේවා තොරතුරු යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් වී ඇති අතර ජාතික ආරක්‍ෂාවට සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන තර්ජන වලට එරෙහිව ඉතා විධිමත් පියවර හා ඊට එදිරිව ක්‍රියාත්මක වීමට පිලිවෙත් යොදා ඇත. එවන් කිහිපයක් පහත දැක්වේ.

ත්‍රස්තවාදය

බෙදුම්වාදය

රැඩිකල්කරණය

මත්ද්‍රව්‍ය

නීතිවිරෝධී වෙළදාම්/ව්‍යාපාර

සමාජ කලහකාරී බව

ත්‍රස්තවාදයට පදනම් වී ඇති දෘෂ්ඨීවාදය මැඩ පැවැත්වීමට ක්‍රියාමාර්ග ගන්නා තුරු ලොවපුරා ත්‍රස්තවාදයට එරෙහි සටන ක්‍රියාත්මක වනු ඇත. ශ්‍රී ලාංකීකයන් වශයෙන් අප සටන් කරනුයේ එක් ප්‍රජාවකට එරෙහිව නොව, ත්‍රස්තවාදය සහ අපගේ ජනතාව අතර සමගිය ඇති කිරීමට උත්සහ දරණ පාර්ශවයන්ට එරෙහිවය. අතීතයේ සිදුවූ සිදුවීම් නැවත සිදු නොවන්නටත් ජාතිය, ආගම හෝ කුලය පිළිබඳ භේදයකින් තොරව නැවත වරක් සියළු ශ්‍රී ලාංකිකයන්ට ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතභාවය පිළිබඳ හැඟීම දැනවීමත් උදෙසා මෙම ගැටළු නිවාරණය කිරීමට අප උපරිම ප්‍රයත්න දරන්නෙමු.

“සුරක්‍ෂිත, සාමකාමී දේශයක් උදෙසා” affiliate link trace | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp