Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2019 20:53:14 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් නව තනතුරුවලට පත් වේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලය විසින් පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නව පත්වීම් කිහිපයක් සිදුකර ඇත.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ:

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ සමස්ථ මෙහෙයුම් අණදෙන නිලධාරී (බස්නාහිර පළාත සහ පුත්තලම් දිස්ත්‍රික්කය) ලෙස එම ධූරයන්හි දිගටම කටයුතු කරන අතර බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයෙන් ඉවත් කර ඇත.

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි:

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රචණ්ඩ අන්තවාදය සහ ත්‍රස්තවාදය මෙන්ම ආගමික රැඩිකල්කරණය වැළැක්වීම සහ ඊට එරෙහිවීම පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධානී ධූරයට පත් කර ඇති අතර 2019 ජූලි මස 17 දින සිට බලපැවැත්වෙන පරිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයෙන් ඉවත් කර ඇත.

මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා:

යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරුණු අතර වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයෙන් ඉවත් කර ඇත.

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන:

නව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයට පත් කර ඇති අතර යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ධූරයෙන් ඉවත් කර ඇත.

මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ:

නව බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයට පත් කර ඇති අතර 24 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් ඉවත් කර ඇත.

මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස්:

යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ධූරයට පත් කර ඇති අතර ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු ධූරයෙන් ඉවත් කර ඇත.

මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර:

නව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු ධූරයට පත් කර ඇති අතර 11 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් ඉවත් කර ඇත.

මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය:

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයට පත් කර ඇති අතර 59 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් ඉවත් කෙරේ.

මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර:

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයට පත් කර ඇති අතර 54 වන සේනාංකයේ සේනාකාධිපති ධූරයෙන් ඉවත් කර ඇත.

මේ අතර,  බ්‍රිගේඩියර් ඒ.අයි මාරසිංහ, බ්‍රිගේඩියර් කේ. එච්. පී. පී. ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. ආරියසිංහ, බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.පී. පෙරේරා, බ්‍රිගේඩියර් ඒ. ඒ.අයි.ජේ බණ්ඩාර, බ්‍රිගේඩියර් එම්.ඩී.යූ.වී. ගුණතිලක, බ්‍රිගේඩියර් එච්.එල්.වී.එම්. ලියනගේ, බ්‍රිගේඩියර් සී.ඩී. වීරසූරිය, බ්‍රිගේඩියර් පී.ඒ.ජේ. පීරිස්, බ්‍රිගේඩියර් කේ. ලියනගේ, බ්‍රිගේඩියර් ඩී.එම්.ඒ.පී. දිසානායක, බ්‍රිගේඩියර් පී.එම්.එල්. චන්ද්‍රසිරි, බ්‍රිගේඩියර් කේ.ඒ.එන්.එන්. කොස්වත්ත සහ බ්‍රිගේඩියර් පී.එම්.ආර්.එච්.එස්.කේ. හේරත් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද නව පත්වීම් සඳහා යෝජනා කර ඇත.

bridgemedia | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!