Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2019 15:10:31 Hours

යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය සඳහා ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ අනුග්‍රාහකත්වය දක්වයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන විල්පත්තුව වනෝද්‍යානය නැවත රෝපණය කිරීමේ වැඩසටහනට සහයෝගයක් ලබාදෙමින් ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ විසින් ඉතා දුර්ලභ වර්ගයේ වටිනා පැළ 5,000 ක් පරිත්‍යාග කර ඇත.

‘ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ’ භාණ්ඩ හා දේපළ අංශ ප්‍රධානී ප්‍රදීප් කැකුලාවල මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ පාරසරික කළමණාකරු ධනුෂ්ක ද සිල්වා මහතා අද (25) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එම සමාගමේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ වටිනා පැළ 5000 ක් යුද්ධ හමුදාව වෙත නිල වශයෙන් පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව, මී, කොස්, කුඹුක්, දෙල්, අඹ, නා ආදි පැළ වර්ග විල්පත්තුව වනෝද්‍යානයේ රෝපණය කිරීම සඳහා මෙලෙස ‘ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම’ විසින් පරිත්‍යාග කරන ලදී. එම සමාගමේ නියෝජිතයින් විසින් යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සංකේතාත්මකව මී පැළයක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරමින් විල්පත්තුව වනෝද්‍යානය නැවත රෝපණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව සුහද පිළිසඳරක යෙදිණි.

මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබූ ‘ශ්‍රී ලංකන් ගුවන් සේවා සමගාම’ වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය ස්තූතිය පුද කල අතර එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ජාතික අවශ්‍යතාවයට මුලපිරීමේ වැදගත්කම පිළිබඳව ද පැහැදිලි කරනු ලැබීය. latest jordan Sneakers | 『アディダス』に分類された記事一覧