Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2019 09:29:21 Hours

ට්‍රක්රථ - දුම්රිය අනතුරින් යුද්ධ හමුදා සෙබළුන් හය දෙනෙකු මියයයි

අද (25) දින දහවල් 1.45 ට පමණ කිලිනොච්චි ප්‍රදේශයේ දී අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අධිවේගී දුම්රියක ගැටී යුද්ධ හමුදා සාමාජිකයින් හය දෙනෙකු මියගොස් ඇත. 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කෝප්‍රල් ඩී.ජී.ඒ.එන්.සී ජයසිරි, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කෝප්‍රල් එස්.එම්.පී.කේ හේරත්, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල එස්.එම්.එස්.ටී. රොෂාන්, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සාමාන්‍ය සෙබල ඩී.එම්.සී.එස්. දිසානායක, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාන්‍ය සෙබල ආර්.එම්.එච්. සංජීව සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබල කේ. සිරිසේන යන යුද්ධ හමුදා සාමාජිකයින් හය දෙනා මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙම අනතුරින් 3 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඩබ්ලිව්.එස්. චාමර බරපතල තුවාල ලබා ඇත. spy offers | Nike Off-White