Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2019 09:19:49 Hours

අලව්ව රණවිරු ඇපරල් ඇගළුම් කර්මාන්ත ශාලාවට නව දෙමහල් ගොඩනැගිල්ලක්

අලව්ව රණවිරු ඇපරල් ඇගළුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත මහල් පහකින් සමන්වත ගොඩනැගිල්ලක පළමු අදියර යටතේ ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල රණවිරු ඇපරල් ඇඟළුම් කාර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (4) දින පැවති උත්සවයකදී විවෘත කෙරිණි.

මෙම ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කටයුතු අලව්ව කර්මාන්තශාලා කළමනාකරු ලුතිනන් කර්නල් චමින්ද තිබ්බොටුගේ ගේ අධීක්ෂණය යටතේ 4 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදු කරන ලදී.

අලව්ව රණවිරු ඇපරල් ඇගළුම් කර්මාන්ත ශාලාවට අනුයුක්තව ආබාධිත යුද හමුදා රණවිරුවන් 238 දෙනෙකු සේවය කරන අතර මෙම කර්මාන්ත ශාලාව මගින් යුද්ධ හමුදාවට අවශ්‍ය නිල ඇඳුම් සහ අනෙකුත් උපාංග ආදිය නිෂ්පාදනය කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා එක්වු අලව්ව රණවිරු ඇපරල් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග සහ නියෝජ්‍ය සේනාවිධායක එක්ව පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව සුබ මොහොතින් පීත්ත පටිය කපා ඉදිකිරිමට යෝජිත පස්මහල් ගොඩනැගිල්ලේ පළමු අදියර යටතේ ඉදිකරනු ලැබූ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කළේය. Buy Kicks | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!