Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2019 10:17:37 Hours

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන හට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

දශක තුනකට අධික කාලයක් ජාතියට සහ ගජබා රෙජිමේන්තුවට ආදර්ශවත් සේවාවක් ලබාදෙමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ නික්මයාමේ උත්සවය ඉකුත් සිකුරාදා (21) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් ගජබා රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් මහින්ද රාජපක්‍ෂ විසින් රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ප්‍රධාන දොරටුව අභියස දී ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ගේ පිළිරුව වෙත පූෂ්පෝපහාර පුද කළහ.

ඉන් අනතුරුව, නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙත හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගිවූ එතුමන් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව තම අතීත අත්දැකීම් හුවමාරු කරගත්හ.

මෙම සමුගැනීමේ උත්සවයේ අලංකාරවත් අවස්ථාවක් ලෙස ‘සමුගැනීමේ රාත්‍රි භෝජන සංග්‍රහය’ ගජබා රෙජිමේන්තුවේ අධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ගජබා රෙජිමේන්තු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් නිලධාරී නිවස්නයේ දී පැවැත්විණි. Best Nike Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD