Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd June 2019 10:33:42 Hours

‘රයිඩ් විත් ප්‍රයිඩ්’ පාපැදි සවාරිය ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවට

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව සෞඛ්‍ය සම්පන්න ජාතියක් සවිබල ගැන්වීම උදෙසා තුන්වන වරටත් සංවිධානය කල සුහදත්වයෙන් පිරුණු ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ (Ride with Pride) පාපැදි සවාරිය අද (23) දින උදෑසන සාර්ථකව ආරම්භ විය.

මෙවර ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ (Ride with Pride) පාපැදි සවාරිය කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය අසලින් ආරම්භ වී මරදාන, පංචිකාවත්ත, ආමර්වීදිය, කොටහේන හන්දිය, පෑලියගොඩ, කැළණිය, කිරිබත්ගොඩ හරහා කිලෝමීටර් 22.9 ක් දුරක් ගෙවා ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානය ඉදිරිපිටින් නිමාවට පත්විය.

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත පැවති මෙම ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ (Ride with Pride) පාපැදි සවාරිය යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් සමාජයන්හී ඕනෑම වයස් කාණ්ඩයක සාමාජිකයින් සඳහා ද විවෘතව පැවැත්විණි.

මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග සභාපති ලෙස කටයුතු කරනු ලබන යුද්ධ හමුදා පාපැදි කමිටුව විසින් සංවිධානය කරනු ලබන ‘Ride with Pride’ පාපැදි සවාරිය සඳහා සියලු රෙජිමේන්තු නියෝජනය කරන යුද්ධ හමුදා සමාජිකයින්, ගුවන් හා නාවික හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් පාපැදි කරුවන් සියගණනක් සහභාගි වූහ.

යුද්ධ හමුදා පාපැදි කමිටුවේ ආරාධනයට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ආරම්භක සංඥාව ලබාදීමෙන් අනතුරුව මෙවර ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ (Ride with Pride) පාපැදි සවාරිය කොම්පඤ්ඤවීදියෙන් ආරම්භ විය.

තවද, මෙම සමාරම්භක අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රීඩා මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ද සහභාගි වූහ. latest jordan Sneakers | New Balance 991 Footwear