Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2019 13:26:34 Hours

663 වන පාබල බලසේනාවේ නව කාර්ය නියුක්ත බලසේනාධිපති රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයට අයත් පූනරීන්, ජයපුරම් ප්‍රදේශයේ ස්ථානගත 663 වන පාබල බලසේනාවේ 8 වන කාර්ය නියුක්ත බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් සුභාෂන් ලියනගම ඉකුත් බදාදා (08) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී භාරගන්නා ලදී.

663 වන පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. නව බලසේනාධිපතිතුමන් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කල අතර ඉන් අනතුරුව ඔහු විසින් බලසේනාවේ භටපිරිස් අමතනු ලැබීය.

මීට ප්‍රථම එහි සිටි බලසේනාධිපති කර්නල් ලසන්ත රුද්‍රිගෝ විදේශ පාඨමාලාවක් සඳහා පිටත්වයාමෙන් අනතුරුව කර්නල් සුභාෂන් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගත්තේය.

මෙම අවස්ථාව සඳහා 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරීන් මෙන්ම 663 වන පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ.Buy Kicks | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp