Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2019 15:31:26 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිනවයෙන් ඉදිකල ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ බැට්මින්ටන් පිටිය විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහ යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් අනුරාධපුරයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබු ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ බැට්මින්ටන් පිටිය ඉකුත් සඳුදා (17) දින විවෘත කරන ලදී.

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.එම්.එම්.පී. මහේෂ් කුමාර ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ භටකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි සිරිනාග විසින් අභිනවයෙන් ඉදිකරනු ලැබු ‘ජව ජනන පියස’ ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ගෘහස්ථ බැට්මින්ටන් පිටිය විවෘත කරන ලදී.

නව බැඩ්මින්ටන් පිටිය විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා කණ්ඩායම් දෙකක් අතර උණුසුම් ප්‍රදර්ශනාත්මක බැට්මින්ටන් තරඟයක් පැවැත්විණි. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා එහි රැස්ව සිටි භටපිරිස් අමතා ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රවර්ධනය කිරීම සඳහා එම ක්‍රීඩාංගණයෙන් ලබාදී ඇති නව පහසුකම් උපරිමයෙන් භාවිතා කරන ලෙසට ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘රණවිරු හරිත අරණ’ වැඩසටහනට සමගාමීව ප්‍රධාන ආරාධිත අමුත්තා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහ සෙසුනිලයින් සමඟ එක්ව කඳවුරු පරිශ්‍රයේ පොල් පැළ 100 ක් රෝපණ කිරීම සඳහා දායකවිය.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අලුත්වැඩියා කරන ලද නිලධාරී නිවස්නය සහ කොනොනි සමාජ ශාලාව නිරීක්‍ෂණය කරන ලදී. Asics shoes | Jordan Release Dates , Iicf