Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2019 19:10:59 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හමුවෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඉකුත් සිකුරාදා (14) දින කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්හි නිළ සංචාරයක නිරත විය.

ඒ අනුව, 7 වන ශ්‍රී ලංකා පොදු සේවා බළකාය වෙත සපැමිණි කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 7 වන ශ්‍රී ලංකා පොදු සේවා බළකායේ අණදෙන නිලධාරී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස් ආඥාපති විසින් පිළිගැනීමේ කථාව පැවැත්වීමෙන් අනතුරුව කිලිනොච්චිය ඉදිරි නඩත්තු පෙදෙස යටතේ ස්ථාපිත ඒකකයන් හි මෙහෙයුම් හා පරිපාලන කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඒකක අණදෙන නිලධාරීන් වෙත භාරදෙන ලදි. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතීමෙන් අනතුරුව 7 වන ශ්‍රී ලංකා පොදුසේවා බළකායේ පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගි විය.

මීට අමතරව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ 11 වන ඉංජිනේරු බලකායන්හි ද සංචාරයක නිරතවිය. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් මෙම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කල අතර විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වලද සමරු සටහන් තැබීය. jordan release date | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov