Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2019 13:19:48 Hours

කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් පොලිසිය සමඟ එක්ව ක්‍රීඩා උත්සවයකට ආරක්‍ෂාව සපයයි

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය, ක්‍රීඩාශීලි බව මෙන්ම අදාළ ක්‍රීඩාවන් වෙනුවෙන් ඔවුන් දක්වන නිපුණතාවය මැනවින් පිළිඹිබු කරමින් පවත්වන ලද වාර්ෂික දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල - 2019 හී සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (11) දින කිළිනොච්චි වඩ්ඩකච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වි රවිප්‍රිය ගේ උපදෙස් මත එම ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව ආරක්‍ෂක අංශ විසින් සපයන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි, කන්ඩාවේලි, පූනරීන් සහ පච්චිපලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයන්හි තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම දිස්ත්‍රික් මළල ක්‍රීඩා උළලේ ජවන හා පිටිය ඉසවන්හි සිය දස්කම් දැක්වූහ. එමෙන්ම, මෙම ක්‍රීඩා උළලේ දී කරච්චි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් ලබාදෙමින් ලකුණු 1256 ක් වාර්තා කරමින් තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය ලකුණු 1163 ක් ලබාගත් කන්ඩාවේලි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවිය.

කිලිනොච්චි දිස්ත්‍රික් මළල ක්‍රීඩා උළෙල - 2019 සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 216 දෙනෙකු සහභාගිවූ අතර එම අවස්ථාව දැක බලාගැනීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්, කරච්චි, කන්ඩාවේලි, පූනරීන් සහ පච්චිපලෙයි යන කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුළු ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ. best Running shoes | Nike Running