Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් ඒකක එල්ලේ, කබඩි සහ කඹ ඇඳිමේ තරඟාවලීන් සාර්ථකව නිමවේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 සහ 66 වන සේනාංක විසින් සංවිධානය කල එල්ලේ, කබඩි සහ කඹ ඇදීමේ තරඟාවලීන් ඉකුත් බදාදා (12) වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධික්‍ෂණය යටතේ 662 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ගජබා රෙජිමේන්තුව විසින් අන්තර් බලඇණි එල්ලේ තරඟාවලිය සංවිධානය කරන ලදී. මෙම තරඟාවලිය සඳහා බලසේනා සහ ඒකක නියෝජනය කරමින් කණ්ඩායම් 24 ක් සහභාගි වූහ. තරඟාවලියේ ශූරතාවය සඳහා 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම තරඟ වැදුණු අතර තරඟාවලියේ ශූරතාවලිය හිමිකරගැනීමට 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම් ක්‍රීඩකයින් සමත් විය.

එමෙන්ම, 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ පූර්ණ අධීක්‍ෂණය යටතේ එම බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් අන්තර් බලඇණි අතර කඹ ඇදීමේ තරඟාවලියක් සංවිධානය කරන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර එහිදි එතුමන් විසින් තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරිනමන ලදී.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා 57 සහ 66 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගි වූහ.Best jordan Sneakers | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify