Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2019 17:19:15 Hours

නව උසස්වීම් ලැබූ 54 වන සේනාංකයේ සේනාංකාධිපති උණුසුම් අයුරින් පිළිගනි

නව උසස්වීම් ලැබු 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර පසුගිය අඟහරුවාදා (04) දින මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සම්මාන ආචාර පෙළපාලිය පිරිනැමීමෙන් අනතුරුව නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර 54 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවැති ආගමික වැඩසටහන් සඳහා ද සහභාගි විය.

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් බණ්ඩාර පිළිගැනීමේ උත්සව සඳහා සහභාගිවූ සියලුදෙනා ඇමතූ අතර අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා 54 වන සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Running sports | 『アディダス』に分類された記事一覧