Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2019 16:32:55 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඳ ගොළු බිහිරි ළමුන් වෙත විශේෂ පරිත්‍යාග පිරිනමයි

10 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමීව 52 සේනාංකය යටතේ ඇති 523 බලසේනා මුලස්ථානය විසින් යාපනය අර්ධද්විපයේ පිහිටි කයිතඩි අඳ ගොළු බිහිරි විද්‍යාලයේ ළමුන් වෙත විශේෂ සමාජ සත්කාරයක් වශයෙන් ඔවුන් වෙත පාසල් ලිපිද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇත.

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම අවස්ථාව සඳහා සහභාගි වු ළමුන් 150 දෙනෙකුට සහ පාසල් කාර්යය මණ්ඩලය වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීමෙන් අනතුරුව යුද්ධයෙන් මියගිය රණවිරුවන්ට උපහාරයක් වශයෙන් මෙම තෑගි පාර්සල් එම දරුවන් අතර බෙදා දී තිබිණි.

මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් 52 වන සේනාංකයේ සේනාංකාධිපති, 523 බලසේනාවේ බලසේනාධිපති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ සෙසුනිළයින් ද සහභාගි විය.latest Running | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!