Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2019 15:51:42 Hours

කාලතුවක්කු බලසේනාවේ නව බලසේනාධිපති බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න

පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු බලසේනාවේ 20 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න පසුගිය සඳුදා (13) දින සුභ මොහොතින් රාජකාරී අරඹන ලදී. මීට ප්‍රථම, බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නියොජ්‍ය සේනාවිධායක ලෙස රාජකාරී කර ඇත.

පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු බලසේනා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව බලසේනාධිපතිතුමන් හට හමුදා සම්ප්‍රදානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරීනැමු අතර එහිදි කාලතුවක්කු බලසේනා මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, නව බලසේනාධිපතිතුමන් සිය කාර්යයාලයේදි සම්ප්‍රදානුකූල පොල්තෙල් පහන දල්වා නිල ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

අනතුරුව, එම බලසේනාවේ සේවයේ නියුතු සියළුම යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් නව බලසේනාධිපතිතුමන් තම රාජකාරී ස්වභාවය පිළිබඳ කරුණු පැහැදිලි කළේය. ඉන් අනතුරුව පැවැති සියළුනිල තේපැන් සංග්‍රහය සඳහා ද එතුමන් එක්විය. Nike Sneakers | M2k Tekno