Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2019 15:40:17 Hours

ආරක්‍ෂක ලේකම්තුමන් ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ පසුගිය ඉරිදා (12) දින මහනුවර, ශ්‍රී දළදා මලිගාව වැඳපුදාගැනීමට පැමිණි අතර එහිදි මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් හමුවිය.

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්ව, මහනුවර පිහිටි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. එහිදි, දියවඩන නිලමේ, නිලංග දෑල බණ්ඩාර සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් අනතුරුව, නව ආරක්‍ෂක ලේකම්තුමන් මල්වතු සහ අස්ගිරි පාර්ශවයෙන් විහාරස්ථාන වැඳපුදාගැනිම සඳහා පිටත්වූහ.

මහනුවර සිදුකල සංචාරය සඳහා ආරක්‍ෂක ලේකම්තුමන් සමඟින් එම මැතිණිය වන සෝනියා කොට්ටේගොඩ මහත්මිය ද එක්ව සිටියහ. Sportswear Design | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092